ගරු
මර්සලීන් ජයකොඩි පියතුමා විසින් ලියන ලද කිතුනු ගී පිළිබඳව පසු ගිය දෙසැම්බරයේ
අවසන් සටහන ලෙස සටහන් කළේ ගරු පියතුමා විසින් ලියන ලද සරල ගීත හා චිත්‍රපට ගීත පිලිබඳව ලියන්නට ඉදිරියට ඉතිරි කර තබා ගනිමිනි.
ඒ අනුව අද අස්වැන්නෙන් සටහන් වන්නේ එහි නොලියා ඉතිරි කල කොටසයි. ඒ නිසා මෙය ගරු පියතුමාගේ චිත්‍රපට ගීත කලාව ඇසුරින්ම අවසන්
කරන්නට සිතුවෙමි.
ගරු
මර්සලීන් ජයකොඩි පියතුමා විසින් ලියන ලද කිතුනු ගී සියල්ලම පසු කලෙක ලංකාවේ ජනප්‍රිය
කිතුනු ගීතිකා වූවා සේම එතුමා විසින් එකල ලියන ලද ගුවන් විදුලි සහ චිත්‍රපට ගීත
සිංහල ගීත සාහිත්‍යයේ අතිවිශිෂ්ඨ ගීත ලෙස හැදින්විය හැකිය.
ගරු
පියතුමා අති විශිෂ්ට ගීත රචකයෙක් වූවා සේම පෙරදිග සහ බටහිර සංගීතය මනාව උගත්
සංගීතඥයකු මෙන්ම ගායන ශිල්පියෙක් වෙමින්
මුල් කාලයේ එතුමා විසින් ලියු ගීතිකා එතුමා විසින් ම ගායනා කර තිබුණි. ඒ නිසා ගරු
පියතුමාගේ පෙර අපර දෙදිග සංගීත ඥානය එතුමන්ගේ ගීත කලාව බෙහෙවින් ම ජනප්‍රිය වීමට හේතු වූ කාරණා බව පැහැදිලිය.
ගරු
පියතුමා 1929 වර්ෂයේ පූජාත්‍රය ලද පසුව සිංහල භාෂාව සහ සාහිත්‍යයේ උන්නතිය
වෙනුවෙන් මහත් කැපවිමකින් ක්‍රියාකළ යතිවරයෙකි. සිංහල පුහුණු ගුරුවරයෙක් ලෙසින්
යාපනයේ සාන්ත පැට්‍රික් විද්‍යාලයේ දෙමල දරුවන්ට සිංහල බස උගන්වමින්ද, අනතුරුව
කිතුනු දම් සභාවේ “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කර්තෘවරයෙකු ලෙසින්ද , සමස්ත ලංකා
කවි සම්මේලනයේ සභාපති ධූරය හොබවමින්ද සිංහල සාහිත්‍යය වෙනුවෙන් මහත් මෙහෙයක්
ඉටුකරනු ලැබීය.
අපේ
සිංහල සිනමාව ආරම්භයේදී තිබූ බොහෝ ගීත හින්දි සහ දෙමල අනුකාරකත්වයෙන් යුක්ත වූ
නිසා සිංහල චිත්‍රපටවල සිංහල ගීත කලාවක් සේම ජාතික සංගීතයක් බිහිකිරීමට පුරෝගාමී
වෙහෙසක් දැරීය. ගරු පියතුමා ජාතික සිංහල සංගීතයක අවශ්‍යතාවය පිළිබඳව මෙසේ සදහන්
කරයි.
“ අද අපට
ගුවන් විදුලියට ඕනෑම මොහොතක කන් දෙන විට දවසට ගීත සියයක් හමාරක් අසන්නට ලැබෙනු
නිසැක ය. මෙයින් සියයට අනූනමයකුත් දශම පහක් උතුරු හෝ දකුණු ඉන්දීය ආබාසයෙන් තැනුනු
ඒවාය. මේවා සියල්ල පාහේ ඉන්දිය උපාධිලත් විශාරදයන් විසින් ලියැවී ඇත. එහෙයින් ඒවාට ඉන්දී ශාස්ත්‍රීය
ගතියක් ආරූඪ කර ඇත. කුඩා ගීත නම් ඉන්දිය ප්‍රාන්තවල ගැයෙන ගැමි ගීවල ආරය උරුව
සහමුලින්ම තිබෙන්නටත් බැරි නැත. එසේ වුවත්, කෙසේ වුවත්, මේ ගීතවල මංචාඩි ගණන 22
සිට 24 දක්වා පිහිටා තිබෙනු පෙනේ. එහෙත් මේ මංචාඩි ගණන අඩු වූ පමණට නැත්නම් නැති වූ පමණට අප හෙළ ගතිය මතු වනු පෙනේ. එවැනි
ගීතත් සියයට දෙකක් තුනක් අපට වාසනාවට මෙන් ඇසේ. එවිටයි අපේ හදේ තත් රැව් දෙන්නට
පටන් ගන්නේ. ”
ගරු
පියතුමාට දේශිය සිංහල සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට තිබූ අවශ්‍යතාවය එයින්ම
පැහැදිලි වේ. සිය කිතුනු දහම වෙනුවෙන් ඉටු
කළ යුතු සිය යුතුකම්වලට නොදෙවෙනි වන සේ සිංහල බස රැක ගැනීමෙහිලා මහත් උත්සාහයක
යෙදුණාහ. ඒ නිසාම සිංහල සිනමාවේ පළමු කලාත්මක සිනමා කෘතිය වූ ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස්ගේ “රේඛාව” චිත්‍රපටයේ සියළු ගීත ලියැවෙන්නේ පියතුමන් අතිනි. මතු දැක්වෙන්නේ
රේඛාව චිත්‍රපටයට ඇතුළත් වූ අද දක්වාම ජනප්‍රිය එහි තේමා ගීයයි.
සුදු සඳ
එළියේ නළ මත පොපියන
හිරිමල්
කැකුලක රොන් කෙමියේ
මුලු
මල් වන ලොවැ ඉරණම සැතපේ
කුළු
ගැන්වෙන තුරු හිමිදිරියේ
සමනොල
තුඩකින් පිනි බිඳු පොදකින්
පණ ගැන්වෙන
තුරු හිමිදිරියේ
පහන්
දොරින් එන රැස් රේකාවෙක
උණුසුම
ඇසුරුව හිමිදිරියේ
ඉපැරණි
කඳු යට සැඟවුණු මිණි කැට
පැන පැන
බැස යන දිය දහරේ
ඇදී මැදී
හිඳ මතුවී එනවිට
මැණික්
තාරකාවලට හැරේ
පොඩි
රේකාවෙක රැස් රේකාවෙක
මැණිකක
මුළු ඉරණම සැතපේ
එක එක
මැණිකක එක එක රූපෙක
එළියෙන්
නැහැවුණු මලක් පිපේ.
වලා
පෙළින් සැදි මුතු කුඩයක් යට
තරඟ නගා
ලෙළ දෙන මුහුදේ
සිහින්
දොරක් ඇති පොඩි බෙලි කටුවක
මුතු
ඇටයක් සීරුවෙන් සැදේ
ගේය
පද: ගරු මර්සිලීන් ජයකොඩි පියතුමා
සංගීතය:
සුනිල් සාන්ත
ගැයුම: ඉන්ද්‍රානි විජේබණ්ඩාර
චිත්‍රපටය:
රේඛාව (1956)
ගරු මර්සලීන්
ජයකොඩි පියතුමා මෙරට බොදු ජනතාවගේ සිතුම් පැතුම් වටහාගෙන සිටි නිසා බොදු බැති ගී
ලකුණ ශ්‍රි ලාංකියයන්ට සමීප කරවිමට ක්‍රියා
කලහ. ඒ නිසා1950, 60,සහ 70 දශකවල සිංහල බසින් මෙන්ම ඉංග්‍රීසි බසින්ද බොදු බැති ගී නිර්මාණය කරමින් බොදුනුවන්ගේ මහත්
ගෞරවයට පාත්‍ර වූහ. ගරු පියතුමා ලියූ බොදු බැති ගී අතර “වෙසක් වෙලා ඇයි උඩවැඩියා
මල, නෙළුම් පිපෙන්නේ බුදුන් වඳින්නයි, ඕලු
නෙලුම් මල්, මල් බර මේ වෙසඟේ, සුදුමල් නෙලා දෝතක් පුරා, ආදී සිය ගනනක් බොදු බැති
ගී ජනතාව අතර ආගමින සහජීවනය ඇති කිරීමට හේතු
වූ ගීත බවට පත්විය. එවැනි දාර්ශනික පදරචනා නිසා බෞද්ධ බැතිමතුන් ඉමහත් සතුටට පත්
වූවා සේ ම ගරු පියතුමාගේ චින්තන ශක්තිය පිළිබඳව විශ්මයටද පත්විය. ගරු පියතුමා ලියූ බොදු බැති ගී අතර
රේඛාව චිත්‍රපටයට ලියූ “වෙසක් කැකුලු අතු අග හිඳ” ගීතය බිහිවූ අයුරු පිළිබඳව එතුමා මෙසේ සදහන් කරයි.
“ වෙසක්
මහ මල් මහයි. මල් දකින විට මට වෙසක් සිහිවෙනවා ඒ නිසයි මේ ගීය ලියැවුණේ. වෙසක් සමයේ
මගේ ගීයක් ගැයේවා කියා පැතුවා. ඒ පැතීම තවමත් ඉහළින්ම ඉටුවෙනවා.”
එවැනි
අධිෂ්ඨානයක් ගීතයකට කොයි තරම් සාර්ථක ද කියා වැටහෙන්නේ වෙසක් මාසය උදාවන විටය. එහි
බොදු බැති ගීයක තිබිය යුතු කරමේ ශාන්තිමත්
වටපිටාවක් නොවුණත් සම්බුද්ධ තෙමගුල පිළිබඳව බොදු ජනතාව අතර ආගමික ප්‍රබෝධයක් ඇති කිරිමට
ඒ “වෙසක් කැකුලු අතු අග හිඳ” ගීතය එදා මෙදා තුර සමත් වී තිබේ.
ගරු
පියතුමා ඇති කළ මේ සංගීත ප්‍රබෝධය සේම, ආගම සහජීවනය උදෙසා දැමූ පදනමද සියලු ලක් වැසියන්ගේ පැසසුමට ලක් විය.
එසේ වූ නිසා ගරු පියතුමාගේ ජීවන චරිතය
කෘතියකට නැගුණේ “මල් පැලක මිණි මුතු “ නමිනි. ඒ මල් පැල නම් ගරු පියතුමා උපත ලද නිවසයි.
එතුමාගේ පියාණන් කිතුනු බැතිමතෙක් විමත්, මෑණියන් බෞද්ධ කාන්තාවක විමත් නිසාම ඒ
නිවස ආගමික සහජීවනයෙන් පිරුණු මල් පැලක් බඳු විය.
එනමුත්
ගරු පියතුමා විසින් සිංහල සාහිත්‍යයටත්, බෞද්ධ සාහිත්‍යයටත්, ඉටුකල අනුපමේය මෙහෙය සලකා “පන්සලේ පියතුමා ,
පල්ලියේ හාමුදුරුවෝ” යනුවෙන් හදුන්වන්නට පටන් ගත්තේ බෞද්ධයන් තුළ ගරු
පියතුමාට තිබු ඒ අපරිමිත ආදරය සහ සෙනෙහස
නිසාය. ඒ නිසාම ගරු පියතුමාගෙන් බෞද්ධ සාහිත්‍යයට සිදුවූ සේවය අගයමින් පසු කලෙක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර
හිමිපාණන් විසින් “මල් පැලේ උපන් පන්සලේ පියතුමා” යනුවෙන් සිංහල සහ ඉංග්‍රිසි
බසින් කෘති දෙකක් ලියා පළ කළහ. එතැන් පටන්
ගරු පියතුමා මල් පැලේ උපන් පන්සලේ පියතුමා යනුවෙන් හැදින්වීමට පටන් ගති.
ගරු
පියතුමෝ කිතුනු සාහිත්‍යයට මෙන්ම බෞද්ධ සාහිත්‍යට ඉටුකරන ලද සේවය වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙන මගින් පිරිනමන ලද කාව්‍ය මහෝපාධ්‍යාය ආචාර්ය උපාධියෙන්ද, රජයෙන්
පිරිනමන කලාසූරි සාහිතය සම්මානයෙන්ද ද, පිදුම් ලැබූහ. එපමණක් නොව ගරු පියතුමා ගේ ආගමික සහ ශාසනික සේවයත්, පෙර
අපර දෙදිග භාෂාවෙන්ම සිංහල සාහිත්‍යට ඉටුකරන ලද සේවයත් වෙනුවෙන් 1982 වර්ෂයේදී රමෝන්
මැග්සයිසේ සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ගරු
මර්සිලින් ජයකොඩි පියතුමා විසින් ලියන ලද චිත්‍රපට ගීත අතර මනමාලයෝ චිත්‍රපටයට
නන්දා මාලනිය ගැයූ සුලලිත සුළඟේ ගීතය මෙන්ම කොළඹ සන්නිය, රෝමියෝ ජුලියට්, සහ හිතක
පිපුණු මල් ආදී චිත්‍රපට රැසක ඇතුළත්වූ ගීත අදටද ජනප්‍රිය ගීත බවට පත්ව තිබේ. ඒ
චිත්‍රපට අතරින් අමරනාත් ජයතිලකගේ ආදරවන්තයෝ චිත්‍රපටයට (1966) “දවසක මුතුවැල් ගෙනෙනව”
ගීතය වෙනුවෙන් වසරේ හොඳම ගීත රචකයාට හිමි සරසවි සම්මානයත් හොඳම ගායිකාවට හිමි
සරසවි සම්මානයත් හිමි විය. මේ ගිතය පිළිබදව
ගරු පියතුමා මෙසේ සඳහන් කරයි.
“මේ ගීයේ
මුල් පද දෙක පටන් ගැනුණේ මා බාල කාලේ
අම්මාගෙන් අසා දැනගත් “මුතු කුමාරිගෙ කතාව” සිතේ රඳා ගෙනය. මුතු කුමාරි අඬන විට
ගලා ගියේ කඳුළු නොව මුතුය. එනමුත් ගීතය
ගැයීමේදී සංගීත අධ්‍යක්ෂකගේ හෝ චිත්‍රපට අධ්‍යක්ෂකගේ නොදැනුම නිසා “මුතු අඬනව -
අඬා නුඹට පළඳවනව” යන පද දෙක වෙනස් කර ඇතිබව මා දැන ගත්තේ මේ ළඟක දීය.”
ගරු
පියතුමා සදහන් කරන පරිදි මතු දැක්වෙන්නේ පද මාලාවේ වචන වෙනස් කර ගැයූ ගීයයි.
දවසක
මුතුවැල් ගෙනෙනව
ගෙනැත්
නුඹට පළඳවනව
පළඳවලා
හැඩ බලනව
මගෙ
සුරතලියේ
කිංචි
පිංචි පුංචි පැංචි
රන්
දොලියක තියන් යනව
රන් තණකොළ
කවන් එනව
රන්
තලියක තියන් යනව
මගෙ
සුරතලියේ
රන්
වස්සෙකු සොයා දෙනව
රන්
මඩුවක් හදා දෙනව
හිනා
වෙන්න කියා දෙනව
මගෙ
සුරතලියේ
එතකොට මා
තනිවෙයි දෝ
රන්
විමනෙක ගෙන එයිදෝ
රන් මුතු
මුදුවක් දෙයිදෝ
රන්
විමනට ගෙන යයි දෝ
ගේය
පද: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
සංගීතය:
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විශාරද නන්දා මාලනී
චිත්‍රපටය:
ආදර වන්තයෝ (1968)
එසේ
පන්සලේ පියතුමා , පල්ලියේ හාමුදුරුවෝ යන
ගෞරව නාමයෙන් පුද ලබමින් කිතුනු ආගමටත් ගීතිකා සාහිත්‍යයටත්, බෞද්ධ සාහිත්‍යටත්,
පොදුවේ සිංහල සාහිත්‍යටත් මහා මෙහෙවරක් කළ ගරු
පියතුමෝ 1902 ජූනි 03 වැනි දින මේ සිංහල බිමෙහි ඉපිද කොළඹට පැමිණ මරදානේ
ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා සිය බොදුනු මෑණියන්ගෙන් ලද වරය අනුව නිමල
මරිය නිකායික පූජකවරයෙකු ව තම සේවය ලංකාවේ දසනු දිහාවන්හි හොබවමින්ද, විදේශ රටවල
කීපයකම ආගමික සහ ශාසනික මෙහෙවරක යෙදෙමින්ද සිය ආමට නොදෙවෙනි ව සිංහල සාහිත්‍යයට
මහා මෙහෙයක් කළ යුග පුරුෂයෙකු ලෙසින් දෙස් විදෙස් කිත් සසස් පතුරවා සිංහල පුතකු ලෙසින් සිය උපන් බිමට,
උපන් ණය ගෙවා 1998 ජනවාරි මස 15
වනදා දෙව් මව් තුරුලේ සැතපෙනු වස් මනු කයෙන් නික්ම ගියහ.
ගරු
පියතුමා සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ ආදරයටත් බුහුමනටත් පත් ආදර්ශමත් පියතුමකු වූ
හෙයින්ම එදා උන්වහන්සේගේ ස්වර්ගස්ථවිම අසා ආගම් බේදයකන් තොරව ගරු පියතුමාට අවසන්
බුහුමන් දැක්විමටබොදුනු කිතුනු සියලුම දෙනා එකතු වූහ. ඒ සියලු කිතුනු ආගමික වතාවත් අවසානයේ අවසන්
ගෞරවය පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය විසින් බෞද්ධ සම්ප්‍රදායට
අනුව සිය ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු පියතුමාගේ
දේහය බොරැල්ල කනත්තේදි මිහිදන් කෙරිණි.
එසේ
සිංහල සාහිත්‍යයටත්, කිතුනු ගීතයටත් මෙහෙයක් කළ මර්සලීන් ජයකොඩි පියතුමාගේ මේ මතු
දැක්වෙන ගීයද ඇතුළත් වූයේ රේඛාව චිත්‍රපටයට
ම ය. මේ තරම් සොඳුරු සුභාවිත ගීයෙන් ගරු පියතුමා මේ ගීත පවතින තාක් කල් අමරණීයව
සිටිනු ඇත.෴
ඕලු
නෙලුම් නෙරිය රඟලා
කිකිණි
හඬන වලා නඟාලා
ගඟුල්
තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා
ඔරුව හබල් ගා
යමු
නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී
යන්නැ නදී රිදී තොටිල්ලේ
කිරල
කිරලි කූඩුවේ ලගී
කුරු
පංති නාද දී නගී
නැඹුරු
වී බලා කුඩා සුදු වලා
ඔබේ රුවට
වසී වෙලානේ
යමු
නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී
යන්නැ නදී රිදී තොටිල්ලේ
කබරගොයා
උගේ සුරතලී
සොයා ඇදේ
නඟා දිය සුලී
කොකුන්
කිරි වගේ නැඟේ වෙල දිගේ
ඔබත්
කොකුන් රැළක හැඩයිනේ
යමු
නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
ඇදී ඇදී
යන්නැ නදී රිදී තොටිල්ලේ
ගේය
පද: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
සංගීතය:
සුනිල් සාන්ත
ගැයුම: සිසිර සේනාරත්න
චිත්‍රපටය:
රේඛාව (1956)
සියළුම
උපුටා ගැනීම් සහ දත්ත සපයා ගැනීම: ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ “වෙසක් කැකුළු”
(1990) කෘතියෙනි.
මගේ වෙසක් කැකුළු කෘතියේ ගරු පියතුමාගේ අත් අකුරින් තැබූ පැදිපෙළ
නොදන්න දේවල් ගොඩයි .......... බොහොම ස්තූති
ReplyDeleteදිනෙල්ක
Deleteඇත්තටම අපි නොදන්න දේ කොයිතරම් තියේද? ඒවා බෙදාගන්නයි මේ වෑයම
හරිම ආදරණීය සටහනක් මල්ලී . මම හරිම ආදරය කල ගීත සමුච්ඡයක්. අපි පොඩි කාලෙ මේවා ගැයුවේ හරිම ආසාවෙන්. ඒ වගේම පහු කාලෙක පියතුමා සිටි වැඩ සටහන් නැරඹුවේ බොහොම භක්තියෙන් හා ගෞරවයෙන්. එතුමා ගේ කතා අහන්න හරිම ආසයි. බොහෝ දේ එතුමා අපිට කියා දුන්නා. ඒ දිනවල යොවුන් වැඩ සටහන් වලට ඇවිත් කතා කරන හැටි තාම මතකයි. බොහොම ස්තූතියි මේ සටහනට. පියතුමාට ස්වර්ගයේ දොර ඇරේවා! කියා පතනවා.
ReplyDeleteචාන්දි..
Deleteමෙනැනි ගරු කල යුතු පියවරුන් සහ හිමිවරුන් මේ රටේ හිටි නිසා අප අතර ආගම් බේද අඩුවුණා. ඔවුන් සේවය කලේ තමතමන්ගේ ආගම් වෙනුවෙන් නෙවෙයි පොදු ජනතාව වෙනුවෙන් එයයි වැදගත්කම
ස්තූතියි ඔබට
සිසිර සේනාරත්න/ඉන්ද්‍රානි ගයන මේ ගී අසා තිබුනත් දැනුදු ඇහුවත් රචකයා මෙතුමා කියල දැන උන්නෙ නෑ.ඒ වගේම සංගීතය සුනිල් ශාන්තයන්ගෙ කියලත් දැනගත්තෙ අද.
ReplyDeleteස්තුතියි ඔබට.
වීපොකුර..
Deleteලංකාවෙ එක්තරා යුගයක ගිතරචකයා. සංගිතඥයා, ගායකයා යන මේ තිදෙනාගේම නම් ප්‍රචාරය කරලයි ගිතය වාදනය කලේ ඒකාලේ මිනිස්සු ඒවා දැනගෙන හිටියා . අද මාධ්‍ය ආයතන 60කට කිට්ටු ගනනක් තිබුණත් මේ එකක් වත් නෑ අඩුම තරමේ ගායකයාගේ නමවත් කියන්නෙ නෑ. ඔන්න කලාව.
ස්තූතියි ඔබට
හරිම මිහිරි ගීත.. මේවා අහද්දී අමුතුම හැඟීමක් හිතට දැනෙන්නේ... අපිට හුරුපුරුදු සොබාධර්මයේ අසිරිය කියවෙන නිසාද මන්දා..
ReplyDeleteමර්සලීන් ජයකොඩි පියතුමා දූව මීසමේ සේවය කරනකාලෙ පාස්කු නාට්‍යය රචනයටත් දායකවෙලා තිබෙනබව මම අසා තිබෙනවා.. හැම අතින්ම දක්ෂ පියතුමෙක්..
'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' කතාව මම අහලා තියෙන්නෙ මීට වඩා වෙනස් විදිහකට.. පියතුමා උපදුනේ ඉතාම දිළිඳු ගෙයකලු.. අපි කියමු පැලක් කියලා.. පියතුමාගේ අම්මාගේ විනෝදාංශය උනේ මල් වැවීමලු.. ඒ ගමේම වැඩිම මල්ගස් ප්‍රමාණයක් තිබ්බෙ ඒ ගෙදරලු.. ඉතින් ගමේ මිනිස්සු ඒ ගෙදරට කිව්වෙ 'මල් පැල' කියලලු..
ඒවගේම මේ අවස්ථාවිදී පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමියන්වත් මතක් කරන්න ඕනෙ.. මම අහලා තියෙන හැටියට පාප්තුමා ලංකාවට ආපුවෙලේ දිව්‍ය පූජාව වෙනුවෙන් මණ්ඩපය සැලසුම් කළේ විපුලසාර හිමියෝ නේද? මම වැරදි නම් නිවැරදි කරන්න..
අලංකාරවත් ගීත කිහිපයක් සමඟින් අගනා විස්තරයක් අපට තිළිණ කළ දයා අයියාට මාගේ ප්‍රණාමය..
හරී..
Deleteඔබ හරියටම හරි . මොකද මමත් 'මල්පැලේ උපන් පන්සලේ පියතුමා' කතාව කීපදෙනෙකුගෙන් අහලා දැනගෙන සටහන්කලේ.
දූව පාස්කු නාට්‍ය එතුමාගේ තමයි.ඔබ හරි.ඒ නාට්‍ය අදටත් ජනප්‍රියයිලු.
පාප්වහන්සේ ලංකාවට පැමිනි මෙහොතේ ගාලු මුවදොර තිබූ අලංකාර වේදිකාව පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමියන් විසින් නිර්මානය කරන ලද්දක් තමයි. බලන්න ආගමික සහජීවනය අපට කියාදේන දේවල්.
හරී ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මගේ අඩුව සම්පුර්න කලාට
මීට දින කීපයකටත් කලින් මර්සලින්න් ජයකොඩි පියතුමා ගැන ලිපියක් කියෙව්වා. ඇත්තෙන්ම මේ වගේ පුද්ගලයන් සිටිය යුත්තේ මේ වගේ කාලයක.
ReplyDeleteහසිත..
Deleteමම දෙසැම්බර් අවසාන සතිය වෙන්කලේ පියතුමාගේ නත්තල් ගිතිකා ගැන. මේ ගී සාමාන්‍යයෙන් අපට ඇහෙන සරලගී.
ඇත්තටම මෙවැනි හිමිවරුන් පියවරුන් මේරටට අත්‍යවශ්‍යම යුගයක්.
ස්තූතියි ඔබට
අස්වැන්නනම් මේ මැයි
ReplyDeleteනෙලාලමි ඵල බෝ මැයි
සිත්තරී..
Deleteස්තුතියි කියනු හැර වෙන කුමක් කියම්ද?
දයා මේ දේවල් සයිබරයට ගෙන ඒම ගැන නොවක් ස්තුතිය ඔබට.
ReplyDeleteනලීන්..
Deleteස්තූතියි ඔබටත්.
පන්සලේ පියතුමා ගැන ගොඩක් දේවල් දැනගත්තා. මම කැමතිම, ලස්සන ගී කීපයක්ම මෙතුමා නිර්මාණය කරලා තියනවා.
ReplyDelete//පොඩි රේකාවෙක රැස් රේකාවෙක
මැණිකක මුළු ඉරණම සැතපේ//
//සිහින් දොරක් ඇති පොඩි බෙලි කටුවක
මුතු ඇටයක් සීරුවෙන් සැදේ//
මේ ගීයේ පද නිර්මාණය මට නම් හිතාගන්ටවත් බෑ.
මේ පාර නත්තල් උත්සවයකදී, පුංචි ලමයි එකතු වෙලා බැති ගී ගයපු සංදර්ශනයකදී, ඉංග්‍රීසි ගී අතරේ, 'කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ' සිංහල ගීය ඇහෙනකොට ඇඟ හිරිවැටිලා ගියා මට මතකයි. එදා මේ පියතුමා ගැන විස්තර මම දැන හිටියේ නෑ. දයාගේ ලිපිය කියෙව්වේ ඊට පස්සේ.
ලිපිය කිවද්දි දැනුනේත් ඒ ගීය අහපු මොහොතේ ඇති උනු හැඟීමමයි. :)
පොඩ්ඩි..
Deleteලොව කොතැනක හිටියත් මේ ගීයක් පදමාලාවක් ඇහැ ගැහෙන සවනට වැටෙව හැම මොහොතකම අපට මෙවැනි උපුරු හැකියාවක් තිබුන ගරු කළ යුත්තන් සිහි වෙනවා.
ඒක තමයි සිංහලකම කියන්නේ.
ස්තූතියි පොඩ්ඩි ඔබට
වියරුව දකින වර්ථමානයේ මෙවන් වු සටහනක් නෙත ගැටිමත් භාග්‍ය කොට මම සලකමි.ගීතයත් සමඟ ලියා ඇති අනෙකුත් කරුණුද වර්ථමාන වියරුවට ආදර්ශයක් බව මගේ හැඟිම වෙයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගයානි..
Deleteබලන්න ආගමික සහජීවනය අපට කියාදෙන දේවල්.
ස්තූතියි ඔබට
එතුමාගේ හැම ගියකටම මම ආසයි. අකමැතියි කියන්න එකක් වත් නැහැ . ඒවගේම පුදුම ගෞරවයක් ඇති වෙන්නේ එතුමාගේ චරිත කතාව කියවද්දී
ReplyDeleteඔබට බොහොම පින් මේ ලිපියට .
මේ ගී කීපයක වත් ස්වර මාලා සොයා ගන්න ඕන ළමයින්ට ඉගෙන ගන්න .
බින්දි..
Deleteඇත්තටම මේවා දරුවන්ට අහන්නට දිමත්, කියා දිමත් මතු දවසක ඔවුන්ට හරවත් රසවින්දනයකට මංහසර සලසනවා.
ස්තූතියි ඔබටත්
අස්වැන්න නෙලා ගතිමි. අන් අයටද නෙලා ගන්නට FB හිද හිටවූයෙමි
ReplyDeleteසදමාල්..
Deleteස්තූතියි ඔබට මෙවැනි දේවල් බෙදාහදා ගත්තාට
සින්දු අහුවට චිත්‍රපටත් එහෙන් මෙහෙන් බැලුවට ඒවයේ.. තිරෙන් පිටුපස් දේ දන්නෙම නැති තරම්....
ReplyDeleteදයානන්ද අය්යගේ අස්වැන්නට පින්සිද්දවෙන්න තික තික කරුණු කාරණා ඉගෙන ගන්නවා
මීගොඩයා..
Deleteයහපත් දෙයක් කියලා දුන්නා තියල හිතෙනවනම් ඒක මටත් සතුටක්.
ස්තූතියි ඔබට
ඔළු නෙලුම් නෙරිය රගලා ගීතයට මම ඒ කාලේ ඉඳලමත් ආසයි..
ReplyDeleteමෙවැන් පියතුමන්ලා වැඩි වැඩියෙන් පහල වේවා!!
අසරනයාතත
Deleteඔව්, මමත් ප්‍රාර්තනය කරන්නේ එහෙමයි.
ස්තූතියි ඔබටත්.
පන්සලේ පියතුමාගේ ගීත රචනාවන් ගැන මම මීට පෙර එතරම් දැන සිටියේ නෑ...ඒ අර්ථයෙන් ගත්තාම සෑහෙන දැනුමක් ලැබුනු වටිනා ලියවිල්ලක්...
ReplyDeleteසිරාගේ කාමරේ..
Deleteඑතුමා ලියු සියලණනක් ගිත අතරින් මම තෝරගත්තේ ගීත ටිකයි. තව ගිත බොහොමයක් තියනවා එතුමාගේ.
ස්තූතියි ඔබටත්.
ආගම නිසා කල්ලි හදාගෙන පිල් බෙදාගෙන මරා ගන්න හදන මෙවන් යුගයක මෙතුමා වැනි පින්වන්තයින්ගේ අඩුව අපගේ කාහේත් අභාග්‍යක්....
ReplyDeleteතොටියා..
Deleteමෙන් පින්වන්ත ගරු කලයුත්තන් පහලවන්නේ ඇතැම් වෙලාවට කාලය දීපය දේශය බලලා වෙන්න ඇති. ඒකයි කලාතුරකින් මෙන් අය හමුවන්නේ.
ස්තූතියි ඔබටත්.
ඕලු නෙළුම් සිංදුව අරෙන්න අනික්වා අහලා තිබුනේ නෑ ඇත්තටම.. මේවා වැඩිය ඇහෙන්නේ නැති එක ඇත්ටම පාඩුවක්..
ReplyDeleteදිනේෂ්..
Deleteඅද අපට ඇහෙන්නේ අහස් වෙඩි වගේ සිංදුනේ එකපාර උඩගිහින් සද්‍දෙ දාලා පුපුරනවා. සද්දෙ විතරයි.
ස්තූතියි
කමෙන්ටු වලින් පරම්පරා වෙනස්කම් පෙනේ!
ReplyDeleteකතන්දර..
Deleteඒතමයි මේ යුගයේ අපේමාධ්‍ය කලාව රටට කර ඇති නරකම දේ..
ස්තූතියි ඔබටත්.
"සුදු සඳ එළියේ නල මත පොපියන" මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම මට ආස හිතුනා මේ ලස්සනම ලස්සන වචන ටික ලිව්වේ කවුද කියලා දැනගන්න. අද තමයි ඔන්න දැනගත්තේ. පන්සලේ පියතුමා කිව්වේ ඇයි කියලා කියල දුන්නටත් ස්තුතියි. එතුමානම් අදහන්න වටිනා චරිතයක් තමා.
ReplyDeleteසයුරි..
Deleteමෙවන් ගීත යුගයුග ගනන් බැබලෙන ගිත. එක්තරා යුගයක ගිතරචකයා. සංගිතඥයා, ගායකයා යන මේ තිදෙනාගේම නම් ප්‍රචාරය කරලයි ගිතය වාදනය කලේ ඒකාලේ මිනිස්සු ඒවා දැනගෙන හිටියා . ඒත් අවාසනාවකට අද එහෙම නෑ. කාගේ වරදක්ද මන්දා..
ස්තූතියි ඔබටත්
ස්තුතියි ...ඉතිරිය කියවන්න ආසාවෙන් හිටියේ !
ReplyDeleteරෙහානි..
Deleteස්තූතියි බෙහෙවින්ම
නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මේ ලිපියෙන්.
ReplyDeleteකෝරලේ මහතා..
Deleteස්තූතියි ඔබටත්
"සු຺දු සඳ එළිෙය් නළ මත ෙපාපියන
ReplyDeleteහරිමල් කැකුලක ෙරාන් ෙකමිෙය්"
පුංචි කාලේ අපේ මල්ලිගේ මොන්ටිසෝරියේ මේ සින්දුවට නැටුමක් පුරුදු වුනා මතකයි...ආයෙම පාවෙලා ගියා වගේ දැනුනා
පැතුම්..
Deleteමේවා ඇතැම් විට අද උගන්වන්නේ ලදරු පාසල්වල තමයි.එහෙමවත් කියල දෙන එක ලොකු දෙයක්.
පියතුමා මන්චාඩි කියල හඳුන්වන්නේ මාත්‍රා වෙන්න ඇති නේද? ජාතිවාදය උග්‍ර වශයෙන් මෝදු වන මේ වගේ අවදියක මේ රටට අවශ්‍ය පන්සලේ පියතුමාල තමයි!
ReplyDeleteනුවන්..
Deleteමටත් හිතෙන්නේ එතුමා අදහස් කලේ මාත්‍රාගනන වෙන්න ඇති. එහෙමත් නැත්නම් හින්දුස්ථාන් ගතිය අඩුවිම ගැන වෙන්න ඇති. කොහොමටත් සිංහල ජන සංගිතයේ ස්වර ගණන අඩුයිනේ
ඉතාමත් අර්ථාන්විත ලිපියක්.......බොහොමත්ම ස්තූතී සර්...අපිත් එක්ක මේව බෙදා හදාගන්නවට....
ReplyDeleteඅග්නි..
Deleteස්තූතියි ඔබටත් බෙහෙවින්ම "සර්' නොකීවනම් ස්තූතියි දෙපාරක්ම
ඕළු නෙළුම් ගීය අපි පොඩි කාලේ හරියට ආස කරපු ගීතයක්.
ReplyDeleteමධුරංග
Deleteඅපි පංචිකාලෙ අතිකල රසවින්දන තමයි තවමත් අපිට හොඳදේ හොයන්න පිහිට වෙන්නේ.
ස්තූතියි ඔබටත්.
ඔහුගේ භාෂාව හැසිරවීමේ කුසලතාවය විස්මයජනකයි..ස්තුතියි මේ ලිපියට
ReplyDeleteරූ...
Deleteගරු පියතුමාට මැග්සයිසේ සම්මානය ලැබුනෙත් ඒ නිසානේ.
කලක් නිතර ආ ගිය මෙතැන, නොදැක ඉන්නේ කෙලෙස? ඇවිත් යන්නෙමි ඉඩක් ලද කල...
ReplyDeleteමනුශය චින්තනය ආගම් ,ජාති මත පටු නොවන විට ලොකය කොතරම් හැඩ වන්නේද?
ReplyDeleteපන්සලේ පියතුමා අපට ලබා දෙන වටිනාම පනිවිඩය එයයි.
ගොඩක් වටින ලිපියක්.බොහොම ස්තුතියි ඔබට.
අන්තිමයටද කොහේද මම ආවෙ...මොනව කියන්නද වෙනද වගේම අඟනා ලිපියක්.. නිර්මාණ කරුවෙක්ට මුළු ලෝකෙම එකම ජාතියක්..එකම ආගමක්..එයා ලෝකෙටම අයිති කෙනෙක්...
ReplyDelete