එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 24 March 2013

෴ හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ෴




ජයතිලක බණ්ඩාර නම් ඔහු....

රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “විමුක්ති ගී” ප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. රජරට සේවයේ ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක් නොවේ.  හතළිස් වසරකට ආසන්න කාලයක් ගී ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට  උතුරා ගලන ගී හඬක් වෙමින් සිටී.

එහෙයි අද පටන් සති කීපයක් මේ ජනතාවාදී කලාකරුවාගේ ගී හඬට සවන් දෙමු............

මේ පෝස්ට් එක බ්ලොග් අඩවි වලට එකතුවී නැතිබවට සහෘදයන් බොහෝ පිරිසක් ඊමේල් සහ මුහුණු පොත ඔස්සේ මාවෙත දැන් වූ  නිසා නැවත පළකරමි.  පහත දැක්වෙන  මාතෘකාව මත ක්ලික් කරන්න

8 comments:

  1. කපුගේ ගයන මහින්ද දිසානායකයන් ලියුව රුවක් ඇදෙනවා ගිතය ජයතිලක බණ්ඩාරයන් වෙනුවෙන් ලියැවුණ ගීතයක් සංගිතය දමන්න කපුගේ සූරින්ට දුන් කල ඔහු එය මට දෙන්න යැයි කළ ඉල්ලිමක් අනුව කපුගේ ගයන ගියකි. මේ පෝස්ටුවට ස්තුතියි දයා.

    ReplyDelete
  2. ‍මේ කාලකණ්ණි ‍දේශපාලනය ගැන මට මහා කළකිරිමක් ති‍යෙන්‍‍නෙ.ඒ මන්ද යත් ර‍ටට බිහි වු ‍බො‍හෝ කුසලතා ඇති මිනිසුන්ට තමන්‍‍‍ගෙ ඒ හැකියාවන් නිදහ‍සේ එළි දැක්විමට තිබුණු අවස්ථා මඟ හැරි ඇත.

    ReplyDelete
  3. "තිලීපන්" ගීතය කියන්නෙත් ජයතිලක බණ්ඩාර මහත්මයා නේද..??
    ඒ සින්දුවත් අහන්න දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    මට මෙතුමා ගැන මතක තියෙන්නේ පොඩි කාලේ අම්මලා එක්ක ගිහින් බැලුව "සාධු ජනරාව" වැඩ සටහන නිසා..

    ReplyDelete
  4. කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරිවුනා. ඒකෙන් රත්නෙ අයියගෙ වටිනා ලිපි ගණනාවක් මට මගඇරුනු එකයි වුනේ. මම බොහොම කැමැත්තෙන් තමා ඔයාගෙ ලිපි කියවන්නේ. මොකද සැඟවී ගිය කලාකරුවන්ගේ වැළලී ගිය යථාර්තය ඉතාමත් කදිමට සිත්ගන්නා විදිහට පාඨකයාට ලබා දෙන්න ඔයා දන්නවා. මෙවැනි කලාකරුවන්ට ඔයා ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා කියලයි මට හිතෙන්නෙ. මං ඉල්ලනවා අපි නොදන්න මෙවැනි වටිනා කරුනු කාරණා හැමදාම අපිට ගෙන එන්න කියලා.

    ReplyDelete
  5. මටත් මෙතුමව මතක "සාධු ජනරාව" තුලින්... හැබැයි මාත් හරිම පුංචියි.. නොදත් බොහො කරුණු අදත් අස්වැන්නෙන් නෙලා ගත්ත... ස්තුතියි අයියෙ ගොඩක්...

    ReplyDelete
  6. මටත් මේ ලිපි 2ම ආවෙ නෑ :{

    ReplyDelete
  7. බොහොම පිං දයා මල්ලී. රටක් වටිනා මිනිසෙක් ගැන ලියු සටහන හරිම අගෙයි. පල්ලේගම හේමරතන හිමියන්ගේ ගීත වලට කවදත් කැමතියි. බොහොම නිරහංකාර පැවිදි උතුමෙක්. උන්වහන්සේව පුද්ගලිකවම හඳුනාගන්නට ලැබීම භාග්‍යයක්. මේ හැම කෙනෙක්ම බොහොම සංවේදී අය . ඒ නිසා සුවිසල් මෙහෙයක් සිදු උනා අපේ ගීත ක්ෂේත්‍රයට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...