එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 3 January 2013

෴පමා වූ සුබ පැතුම෴





නව වසර උදාවී දින කිහිපයක්ම ගෙවී ගිහින්. ඒත් හැම අතින්ම තවමත් සුබ පැතුම් ගලා එන සමයක මම මගේ නව අවුරුදු සුබ පැතුම අස්වැන්නට පැමිණි සහෘද ඔබට  පිළිගන්වන්නෙ  පමා වු සුබ පැතුමක් විදිහටයි. ‍ඒකටත් නොයෙක් කරුණු කාරන යෙදිල තිබුණත් පමා වී හෝ සුබ පැතුම යා කරන්න ලැබුණ එකත් සතුටක්.

ලංකාවෙ පාඨකයන් අතර පොත පත වගේම අන්තර් ජාලය භාවිතා කරන පිරිස් අතර මුහුණු පොත (Facebook) සහ බ්ලොග් අඩවි භාවිතයත් යම් තරමකින් දියුණු වී ඇති සමයක ඒ මගින් යම්කිසි සාමාජීය කතිකාවක් ගොඩ නගන්න හැකිවෙලා තියෙනවා.

ප්‍රකාශන මාධ්‍යයක් විදියට අන්තර්ජාලය ලබා ඇති සීග්‍ර දියුණුවත් එක්කම පොත් සහ පුවත්පත් භාවිතයත් යම් තරමිකින් පාඨකයන්ගෙන් ඈත්වෙන්න හේතු වෙන්නේ මුද්‍රිත පුවත්පත් මගින් සැබෑ ජන ජිවිතය පිළිබඳව හරවත් සංවාදයක් ගොඩැගෙන්නේ නැතිකමයි. රාජ්‍ය මාධය භාවිතය ගැන සඳහන් කිරිමට තරම් වටිනා දෙයක් නැත්තටම නැතුවා සේම   ලංකාවෙ විකල්ප මාධ්‍ය ධාරාවන් තුළ කටයුතු කරන ඇතැම් පුවත්පත් තම දේශපාලන න්‍යායන් ඔස්සේ ක්‍රියාත්ම විමත් සැබෑ ජනමතය ඒ තුළින් පිලිබිඹු නොවීමත් මේ යුගයේ ලංකාවෙ පාඨකයන් මුහුණ දෙන ප්‍රබල කාරණා. ඒ තුළ හරවත් සංවාදයකට තිබෙන සිමිතයි කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම ලංකාවෙ එක්තරා යුගයක කාලින සමාජ සංවාද ගොඩනැංවීමෙහිලා විශාල මෙහෙයක් කල වාර සඟරා එකක් දෙකක් තිබුනත් ඒවා පවා අලවිය ඉතාමත් අඩු මට්ටමක පවතින සමයක්  මේ ගෙවෙන්නෙ.

ඒ නිසා මේ විකල්ප ධාරාවන් තුළ මුහුණු පොත (Facebook) සහ බ්ලොග් අඩවි හරහා සැලකිය යුතු ‍සමාජ කතිකාවක් ගොඩ නැගෙමින් තියෙන්නෙ ලංකාවෙ විකල්ප මාධය ක්‍රියාකාරීත්වයේ අඩුව පුරවන්නයි. ලංකාවෙ අන්තර්ජාලය භාවිතා කරන පිරිස අතරින් බ්ලොග් අවකාශයට එකතුවී  සිය හැකියාවන් , කුසලතාවයන් එකිනෙකා අතර බෙදා ගැනිම සඳහාම වෙන් වූ තෝතැන්නක් කියන්න පුලුවන්. ඒක හරියටම විවිධ මාතෘකා ඔස්සේ දිග හැරෙන කලාත්මක වාර සඟරාවක් වගේ. බහුතරයක් ලියන දේ ගැන හැමෝටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසන එකිනෙකට වෙනස් දිශානුගතව එකිනෙකට වෙනස් වූ රස වින්දනයේ හරයන් සොයන, සොයමින් පවතින සියලු ආගම් සහ සියලුම ජාතීන්ට අයත් එකිනෙකා නොහදුනන ළබැඳි සොහොයුරු සොහොයුරියන් සමූහයක් විසින් සිංහල බසින් අකුරු කිරීමම අදහස් ප්‍රකාශනයේ ශක්තිමත් බැම්මක් විදියට සලකන්න පුළුවන්. ඒක හරියටම වියළි කර්කශ බිමක  මල් පිපි සිනාසෙන ප්‍රේමයේ සුදු කරඹ මල් වගේ වට මට  දැනේ.  

එවන් වූ  සිංහල බ්ලොග් අවකාශය තුල පටු සීමාවලින් බැහැරව, පා දූවිල්ලක් තරම්වත් නොවටිනා ආගම් භේදයට හෝ ජාතිවාදයට තුඩු දෙන සංවාද ඇති නොකිරීම මිනිස් සිත්වල ගුණ සුවද හඳුනන  සැබෑ  මිනිසුන් ලෙසින් අපට  සැනසෙන්නට පුළුවන්. උදා වූ මේ නව වසරේ සතුටු විය යුත්තේද ඒ ගැනය.

එනමුත් අප වෙසෙන මේ සමාජ පසුතලයක වෙසෙන මිනිසුන් ගැඹුරු නිද්‍රාවකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. පොදු සමාජයක වෙසෙ සියල්ලෝම දරන මේ නිහඬ බව වටහා ගැනිමට අපහසු කරුණක්. අවිචාරශීලි යුගයක විචාරශීලිව වෙසීම කාලින අවශ්‍ය තාවයක්.  එවිට අප වෙසෙන මේ සමාජ වට පිටාව තුළ ගැඹුරු නිහැඬියාවේ සැඟව ඇති රස මුසු දේද, අප වටා ඇති බියකරු සිතුවම්ද, අපටම හඳුන ගන්න හැකියි. බ්ලොග් අවකාශයේ  ඔබට එවන් දෑසක් සහ තියුණු මනසක් ලබන්නට  මගේ අවුරුදු පැතුම එයයි.

හැමදාමත්ම අස්වැන්නෙන් අලුත් ගීයක රස මිහිර බෙදාගන්නා මම මේ වසරේ මුල්ම ගීතය හැටියට තෝරාගන්නේ මා ඉහතින් කියූ අදහසම ගෙන දෙන ගීයක්. මේ ගීය එතරම් ජනප්‍රිය නොවුණත් කපුගේ සමග ජයතිලක බණ්ඩාරයන් ගැයූ ගැඹුරු අරුතක් වගේම හරයක් ගෙන දෙන අපිට නැවතත් අපි ගැනම හිතන්නට පොළඹවන ගීයක් . සමහර විට ඔබ මේ ගීය අහන මුල්ම වතාව වෙන්නත් පුළුවන්. අස්වැන්නට නිතර ගොඩවදින ඔබත් මේ බ්ලොග් අවකාශයේ සැරිසරන සෙසු සහෘද පිරිසත් මේ වගේ කියලයි මට හිතෙන්නෙ. එහෙම නම් මේ උදාවූ නව වසරෙ අලුතින් ප්‍රාර්ථනාවන් එක්කළ යුතු වෙන්නෙ නෑ. අවිචාරයෙන් විචාරයද, අන්ධකාරයෙන් ආලෝකයද, අසත්‍යයෙන් සත්‍ය දකින්නටත් , ආනන්දයෙන් ප්‍රඥාව ලබන්නටත්. ගෙවුණ වසරේ අහිමි වූ දේ ගැන නොව උදාවූ වසරේ අලුත් ඇරඹුමකින්  පටන් ගන්නට වෙර දරන සිතුවිලි වලට  මේ ගීතය ඔබට දිරියත් ශක්තියත් ගෙන දෙනු ඇත. ඒක හොඳටම ප්‍රමාණවත්.


            පාට එලලුවන් පුතණුව මා දෙනුවන් වන්
            කොතැනද සිරස නමන්නේ
            ගුණැති පුතණුවන් පෙම්බර පාට එළලුවන්
            කොතැනද දෙදණ නමන්නේ
            කාටද දෝත නගන්නේ

            නීල කඳු  ළැමද අතරේ නිම්න භූමියේ
            මීරි මවු කිරෙන්  ඉහිරෙන වතුර උල්පතයි
            පුතකු සිරස නමන්නේ එතැනයි
            දෙතොල තෙමන්නයි.

            වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
            මහ පො‍ළෝ ගැබේ ප්‍රේමය පිපී හිනාවෙයි
            පුතකු දෙදණ නමන්නේ එතැනයි
            එමල සිඹින්නයි

            පා පැකිළ වැටී බෙලෙසුන් වී අගාධයේ
            මිනිසත්කම දනින් හොවින දුක්බර යාමේ
            පුතකු දෝත නගන්නේ එතැනයි
            අත්වැල වෙන්නයි

           ගේය පද:  රත්න ශ්‍රී විජේසිංහ
           සංගීතය: විශාරද ගුණදාස කපුගේ
           ගැයුම:  විශාරද ගුණදාස කපුගේ සමග ජයතිලක බණ්ඩාර

           

අස්වැන්න සුපුරුදු සටහන යළිත් ලබන සතියේ සිට. එතෙක් ඔබට සුවබර සතියක්.


63 comments:

  1. අයියාටත් ලැබූ නව වසර නිදුක් නිරෝගී වාසනාවත සුභම සුභ නව වසරක් වේවා... මේ වසරේදීත් සාහිත්‍ය කලාකෙත වැඩි වැඩියෙන් අස්වද්දන්න ශක්තිය හා දිරිය නොඅඩුව ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. නව අවුරුද්දේ මම එක වෙලා වගේ.. නියමායි....

      Delete
    2. තොටියා..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  2. අයියටත් සුබ නව වසරක් වේවා...

    අද මම වැටක් ගහලා යන්න යනවා... කියලා දේවල් ගොඩක් දේවල් අස්සේ මෙන්න මේ ටික මට වැදුනා...

    ///එනමුත් අප වෙසෙන මේ සමාජ පසුතලයක වෙසෙන මිනිසුන් ගැඹුරු නිද්‍රාවකට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. පොදු සමාජයක වෙසෙ සියල්ලෝම දරන මේ නිහඬ බව වටහා ගැනිමට අපහසු කරුණක්. අවිචාරශීලි යුගයක විචාරශීලිව වෙසීම කාලින අවශ්‍ය තාවයක්. එවිට අප වෙසෙන මේ සමාජ වට පිටාව තුළ ගැඹුරු නිහැඬියාවේ සැඟව ඇති රස මුසු දේද, අප වටා ඇති බියකරු සිතුවම්ද, අපටම හඳුන ගන්න හැකියි. බ්ලොග් අවකාශයේ ඔබට එවන් දෑසක් සහ තියුණු මනසක් ලබන්නට මගේ අවුරුදු පැතුම එයයි.///

    ++++++++++++

    ගොඩක් අය බයයි මේකට.. කරන අය විකාර කාරයෝ වෙනවා... ඒ අතින් බ්ලොග් අවකාශේ උගුර තෙමා ගන්න දිය පොදක් පමණයි...

    ReplyDelete
    Replies
    1. හිරු..
      ගොඩක් දෙනාගේ ඒ බිය සැක නැතිකරන හොඳ සංවාදාත්මක ලිපි ලියවේවි ඉදිරියේ..

      උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  3. මේ පද ටිකේ තියන ලස්සන නිමක් නෑ...

    ඔබට සුබම සුබ නව වසරක් වේවා !! අස්වැන්න තවත් සරුසාර වේවා

    ReplyDelete
    Replies
    1. සයුරි..
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  4. අස්වැනටත් සුබ වෙලා මේක ලියන අයියත් සුභ වෙන කියලා මම හදවතිම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  5. ගැඹුරු අරුතක් තියෙන සටහනක්...

    ඔබට සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. වීපොකුර..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  6. පසුගිය වසරේ වගේම සරු අස්වැන්නක් ලැබේ කියා හිතනවා . ඉඩ ලද හැම විටකම අපි එනවා අස්වැන්න නෙලාගෙන යන්න .
    …ඔබ ඇතූලු පවුලේ සැමටත් සුභ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. ගිම්...

      උත්සාහයක් ගන්නම් හැම විටම අලුත් දෙයන් ලියන්න. අවිවේකයෙන් මිදුන මොහොතක ඇවිත් යන්න එන්න..
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු දෙනාටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  7. උදේම සිත සනසන ගීතයක් ඇසුවා .ඔබටත් මෙවන් සුන්දර ලිපි රැසක් අපට ගෙනෙනට සහ පුද්ගලික දිවියේ සියලු පැතුමන් ඉටුවන සාමාකාමී යහබර සුබ නව වසරක් පතමි

    ReplyDelete
    Replies
    1. බින්දි..
      ඇත්තටම මේක ගුවන් විදුලි මාධ්‍යවලින් බැහැරවූ ගීයක් ඒත් අරුත් බර ගියක්..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  8. ලස්සන, ඒ වගේම වටිනා අවුරුදු පැතුමක්!!!

    ගී පද වැලත් ඒ වගේම මිහිරියි.:)

    දයාටත්, සුබ නව වසරක්...!!!
    මේ අවුරුද්දේත් අස්වැන්න වැඩිවේවා....ඔබේ පැතුම් සියල්ල එලෙසම ඉටුවේවා...

    පමාවෙලා පැතුවත්, හොඳ හිතින් කරන පැතුමන් ඉෂ්ට වෙනවාමයි.:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..
      ඇත්තටම මේක 31 රෑ දාන්න හිතා හිටියත් නොයෙක් හේතු නිසා අතපසු වුණා..
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  9. අයියගෙ අවුරුදු පැතුම ගොඩක් වටිනවා... එය පැතුමක් පමණක්ම නොවී යථාර්ථයක් වන්නට අයියා වැනි අයට කළ හැකි දේ බොහොමයි...
    පසුගිය වසරේදී වගේම හැමදාමත් සුන්දර සෞන්දර්යාත්මක චාරිකාවල අපව කැදවන් යන්නට නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබ නව වසරක් වේවා.... අයියටත්

    ReplyDelete
    Replies
    1. තරුරසී..
      හැකි හැම වෙලාවෙම උත්සාහායක් ගන්නම්..හරවත් දෙයක් ලියන්න..
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  10. කිසිම පමාවක් නැහැ. හරිම අපූරු ගීයකින් පටන් අරන් තියෙන්නෙ. මෙම ගීතය මාධ්‍ය මලින්(මාෆියාවෙන්) ප්‍රචාරය නොවුණත් මතකයෙන් මකා දැමිය හැකි ගීයක් නොවෙයි. රසික සිත් තුළ සදා රැදෙන ගිතයක්. නූතන පරපුර වෙනුවෙන් එය සයිබර් අවකාශය තුළ සමාජගත කිරීම හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. තුසිත..

      මේසටහන ලියිලා ඉවරවෙලා තමයි කල්පනා කලේ මොකක්ද ලියන ගීය කියලා. එකවරම කොහේදෝ තිබිලා මේ ගිය මතකයට නැගුණා. ඇත්තටම මේක ඉතාමත් ලස්සන ගිතයක්.

      ඔබේ දිරිය දෙන අදහසට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  11. සුභ අලුත් අවුරුද්දක් පතාගෙනම මාත් එකතු වුනා. ගීතය අහනකම් ඉවසිලි නැතිව ඉන්නේ.... (ඔපීසියේ අහන්න බැහැ )... වැඩිය ජනප්‍රිය නොවුනට ජයතිලක බණ්ඩාර මම කැමතිම ගායකයෙක්

    ReplyDelete
    Replies
    1. තිසර...

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
    2. මම ගීතය ඇහුවා... සංගීතය නම් හරිම ලස්සනයි. ස්ථායි කොටසයි, පළවෙනි අන්තරා කොටසයි කියන තනුව හොඳයි, නමුත් දෙවෙනි සහ තුන්වෙනි අන්තරා කොටස් වේගවත් වෙනස් තාලයකට කියන නිසා අන්තිමේ පොඩ්ඩක් රස නැති වෙලා කියලා හිතුනා. හිටි අඩියේ අවසන් වෙනවා වගේ හැඟීමකුත් එනවා.

      Delete
    3. තිසර..
      මේ ගීය ලය දෙකකින් ගායනා කෙරෙන්නේ.ආරම්බය නිවි සැනසුන ආකාරයත් මැදදි වේගවත් වන ආකාරයත් තියෙනවා.එතැනදි මට හිතෙන්නේ මේ ගිතයේ දරුවා යෞවනයෙකු වි අයුක්තියට එරෙහිව නැගිසිටින ආකාරයක් සහ යෞවනයෙකුගේ ඇති ජව සම්පන්න බවත් නිරූපණය කිරිමයි.

      ගිතය නම් හිටි අඩියේ අවසන්වන බවක් පේනවා

      Delete
  12. Replies
    1. අයිරාවන..
      උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  13. ඒත් බැලුවා පරක්කු මොකෝ කියලා. ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වසරක් පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්..

      කියන්න නම් හේතු ගොඩයි..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  14. //පොදු සමාජයක වෙසෙ සියල්ලෝම දරන මේ නිහඬ බව වටහා ගැනිමට අපහසු කරුණක්.//
    සිවිල් ජන හඬ නිහඬ වී නොව නිහඬ කර ඇති බව වටහා ගන්නට හැකි නම් ඉහත කරුණ වටහා ගත නොහැකි නොවේ..වරදකරුවාට නිසි දඬුවම් නොලැබෙන විට දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නට සැවොම පෙළඹෙන අයුරු විස්මයජනක නොවේ..

    එළැඹෙන අවුරුද්දේ රස නිම් වළලු පුළුල් කරන්න ඔබට තවතවත් හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. රූ..

      ඔබ හරි. මටත් අවශ්‍ය වුනේ ඒ දේය සෟජුව නොකියා කියන්නයි. ඒකයි මම කුඩා ඉඟියක් විදියට එය කිව්වේ. මේ තමය දැනට අප වට බිහිවෙමින් පවතින සතයය.

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  15. අපූරු ගීතයක්. කලින් අහල තිබුනෙ නම් නැහැ. ස්තුතියි.
    සුභ නව වසරක්!!!
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්..

      මේ ගීය කපුගේගේ කම්පන ඒක පුද්ගල ප්‍රසංගයේ පමණයි ගැයුනේ.ඒනිසා ප්‍රසංගය නරමා තිබුනා නම් ගිතය යාන්තමට හෝ මතක ඇති.

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  16. සුබම සුබ නව වසරක් වේවා දයානන්ද,ලැබුවාවු වසරේදීත් හරවත් දේ බ්ලොග් ලෝකයට තිලිණ කරන්නට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. කමලා..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  17. ලැබුවාවු නව වසර වාසනාවන්ත වේවා.
    තව තවත් හරවත් දේ ගෙන එන්නට ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  18. සුඉ නව වසරක් !

    මම නම් එහෙන් මෙහෙන් අර සිංදුව අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ධම්මික..

      කපුගේගේ කම්පන ඒක පුද්ගල ප්‍රසංගයේ පමණයි ගැයුනේ. ඒ නිසා ප්‍රසංගය නරඹා තිබුනා නම් ගිතය යාන්තමට හෝ මතක ඇති.

      උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  19. සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. හරී...

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  20. සිතන සිතුම් පතන පැතුම් ඉටුවෙන., කිරියෙන් පැණියෙන් උතුරන සුභ නව වසරක් වේවා !
    අස්වැන්න තවත් සරුසාර වී ඵල බර වේවා !
    මොකද ...අස්වැන්න නෙලා ගන්නේ අපි නිසා

    ReplyDelete
    Replies
    1. රෙහානි

      ඔබවන් සහෘද පිරිසක් අතර දැනුම බෙදාගැනිමත් එක්තරා සතුටක්.
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  21. සුබ නව වසරක් වේවා....
    අස්වැන්න තව තවත් සරු වේවා....!

    ReplyDelete
    Replies
    1. සුමිත්..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  22. මේ ගීතයත් ඇහුවේ අදමයි...ඔබතුමාටත් සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. තරුවා

      ඔබ වන් යොවුන් වියේ පසුවන අය මේ ගීය අහලා නෑ මේක වසර 25 ක් විතර පැරණියි.
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  23. පමා උනත් සුභ පැතුමක්නේ...

    සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. යසිත්..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  24. පමා වෙලා හරි ලස්සන සුබ පැතුමක් නේ දයානන්ද මල්ලී.
    ජයම වේවා!
    සුබ නව වසරක් වේවා!
    අස්වැන්න තව තවත් සරු වේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි...

      ඇත්තෙන්ම තරමකි අවිවේකි වුණා ඒකයි...
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  25. මහත් සේ හරවත් ගුණවත් සටහනක් ලියු ඔබටත් ඔබ වන් පුතෙකු මිහිපිටට දයාද කළ දෙමාපියන්ටත් පිං මෙන්ම නිරෝගිමත් සුවයක් ලැබේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගයානි..

      ඔබවන් දිරිය විරුවරියකගේ සුබ පැතුම අගෙයි..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  26. ලැබූ නව වසර සුභ වෙන්නටත්.... සාහිත්‍ය කෙත තව තවත් අස්වද්දන්නට හැකියාව ලැබෙන්නටත් පතමි.

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේ..

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..මල්ලියේ..

      Delete
  27. ඔබටත් පමාවී සුභ පතනවා. තව තවත් අපි නොදත් ගීතමය සිද්දීන් ලියන්න හැකිවේවා!!

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අසරනයා..

      ඈත දුර රටක හිටියත්.. ළඟ වගේ..ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  28. කතන්දර කාරයා..

    ළබැදි සිතින් පැතු පැතුමකි නව වසරේ.
    ඔබටත් එසේමයි මා ප්‍රිය මිතුරේ..

    ReplyDelete
  29. සිත්තමීත් පමාවෙලා ඔබට සුභපතන්න ආවා......ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සිත්තමී..

      පමාවෙලා නෑ. තවම දුරුතු මාසයනේ...මේ මාසය පුරාම සුබ පතන්න පුළුවන්..
      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

      Delete
  30. සුභ අලුත් අවුරුද්දක් වේවා දයා අයියේ. බ්ලොග් වලින් ෆේස්බුක් වලින් ජාතිවාදය ආගම්වාදය අවුස්සනවට වඩා කරන්න පුළුවන් කොච්චර දේවල් තියද...මම මේ මේ සින්දුව ජීවිතේට අහලා නෑ.

    ReplyDelete
    Replies
    1. පැතුම්

      ඔබේ වයස එළඹෙන විට මේ ගීය පැරනි එකක් වසර 25 ක් විතර ඒත් සදාකාලික ගිතයක්.

      ඔබේ දිරිය දෙන සුබ පැතුමට ස්තූතියි.. උදාවූ නව වසර ඔබටත් සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..පැතුම් මලේ ඔබටත්..

      Delete
  31. සුභ නව වසරක් වේවා අයියේ... සුපුරුදු ලිපි එනකන් බලාගෙන ඉන්නවා... කමෙන්ට් කරන්න බැරි වුනත් බලලා යන්න එනවා හැමදාමත් මේ පැත්තේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...